REDHOT POST
6461 READERS

සත්වලෝකය ගැන ඔබ නොදත් අපූරු කාරණාවන් කීපයක්

චීටාවන්ගේ දඩයම් වලින් 60%ක් පමණ අසාර්ථක ඒවා වේ. එමෙන්ම 90%ක් පමණ චීටා පැටවුන් ඔවුන්ගේ දෙවන උපන්දිනය තරම්වත් ජීවත් නොවේ

posted on 2016-07-24 23:36:10

AlaBole
Infothug Writers Club Member
A Sexy Sri Lankan Girl :). Kandy | 22 |
log in to share this post

CopyRight:www.pixelstalk.net

1. චීටා යනු ගොඩබිම සිටින වේගවත්ම මාන්ශභක්ශක සත්වයායි. නමුත් චීටාට, තමන්ගේ උපරිම වේගය රඳවා ගැනීමට හැක්කේ තප්පර කීපයක් පමණි.


source


2. චීටාවන්ගේ දඩයම් වලින් 60%ක් පමණ අසාර්ථක ඒවා වේ. එමෙන්ම 90%ක් පමණ චීටා පැටවුන් ඔවුන්ගේ දෙවන උපන්දිනය තරම්වත් ජීවත් නොවේ.


3. තම ගොදුර අල්ල ගැනීමට, චීටාවන් ඇතැම්විට ගොදුර පිටුපසින් බොහෝ දුරක් ගමන් කරයි.


source


4. නයිල් කිඹුලන් හට, කිසිදු ආහාරයක් නොමැතිව වසරක් පමණ ජීවත් වීමට හැකිය. සන්චාරක සතුන් ඔවුන්ගේ රාජධානියට පැමිණෙන තුරු මෙම කිඹුලන් බලා සිටී.


5. කිඹුලන් හට හපා කෑමට නොහැකි නිසා, ගොදුරක් ඩැහැ ගැනීමෙන් පසුව ඔවුන් රන්චු ගැසී, ගොදුර ඉතා කුඩා කොටස් වලට ඉරා දැමීම සිදු කරයි.



source

6. හිම වළසුන්, වර්ශය පුරාවටම ඔවුන්ට අවශ්‍ය කරන ආහාර වලින් තුනෙන් දෙකක්, ගිම්හාන සෘතුවේදී ලබා ගැනීමට අවශ්‍ය වේ. එනම් මාස තුනකදී.


7. නමුත් හිම වළසුන්ගේ දඩයම් 20 කින් එකක් පමනක් බොහෝවිට නිවැරදි වන්නෙ, ඔවුන්ට වඩා හුරු පුරුදු අයිස් තට්ටු, ගිම්හාන කාලයේදී දියවී යාම හේතුවෙන්.


8. සාමාන්‍යයෙන් හොඳින් වැඩුණු සීල් කෙනෙකුගේ කැලරි 100,000ක් පමණ අඩන්ගු වෙන අතර, මෙම ප්‍රමාණය හිම වළසෙකුට සතියක කාලයකට ප්‍රමාණවත් වේ.


source


9. වනාන්තරයේ වෙසෙන විශාලතම මාන්ශ භක්ශකයා වන්නේ කොටියායි. බර කිලෝ 200ක් පමණ වේ.


source


10. Parson's Chameleon නම් සත්වයාට, උගේ ශරීරයට වඩා දිග දිවක් පිහිටයි!

source


11. වන්දාගේ පාද මිනිසෙකු ඇසි පිල්ලමක් ගැසීමට වඩා 10 ගුණයක් ඉක්මණින් ක්‍රියාත්මක වේ.


12. ත්‍රිමාණ දැක්මක් හිමි එකම කෘමියාද වන්නේ වන්දාය.


source


13. Darwin’s bark spider නම් මකුළු විශේශය, මිනිස් මහපට ඇඟිල්ලක් තරම්වත් විශාල නොවුණත්, මීටර් 25ක් පමණ දිග තන්තු නිපදවීමට හැකියි.


14. එම තන්තු, පෘථුවිය මත ඇති ශක්තිමත්ම තන්තු වර්ගය වන අතර එය වානේ වලට වඩා ශක්තිමත්ය!


source


15. Portia spider නම් මකුළුවාට, උගේ ශරීරයේ විශාලත්වය මෙන් 50 ගුණයක දුරක් පැනීමට හැකිය.


16. Portia spider මකුළුවාට, ඌමෙන් තුන් ගුණයක් විශාල මකුළුවන් ගොදුරු කර ගැනීමට හැකියි.


source


17. ඉතාම දිගු නිය සහිත Harpy උකුස්සන්ට  මීටර දෙකක් පමණ පළල් වූ අත්තටු පිහිටා ඇත. ඔවුන් ගොදුරු ලෙස වඳුරන්, sloths වැනි සතුන් ඩැහැගෙන යාම සිදු කරති.


18. කුඩා Harpy උකුසු පැටවුන්ට සාමාන්‍යයෙන් අනෙක් පක්ශීන්ට වඩා වැඩි දෙමාපිය රැකවරණයක් අවශ්‍ය වේ. ඔවුන්ගේ මාපියන් ඔවුන්ට අවුරුදු 2ක් පමණ වන තෙක් කෑම සැපයීම සිදු කරති. එම කාලය තුළදී වඳුරන් හා sloth සත්වයින් 200ක් පමණ කුඩා Harpy පැටවෙකු ආහාරයට ගනී.


19. අවුරුදු දෙකකට පසුව වුවත්, පැටවුන් නිවැරදිව දඩයම් කිරීමට ඉගන නොගන්නේ නම්, දෙමාපියන් විසින් එම පැටවා මරා දමා අළුත් පැටවෙකු වෙනුවෙන් ඉඩ වෙන් කරනු ලබනවා.


source


20. Honey badger නම් සත්වයා දඩයම් කරන ගොදුරු වර්ග 50ක් පමණ දැනට හඳුනාගෙන ඇත. ඒ අතරට ගෝනුස්සන් සහ පැස්බර බිත්තර අඩන්ගු වේ!


source


21. ඉතියෝපියානු වෘකයා තම ගොදුර ඩැහැ ගැනීමට ගොදුරු කරගන්නා මීයා සැඟවී සිටින ගුහාව තුළට පිඹීම සිදු කරනවා.


source


22. නිල් තල්මසෙකුගේ බර සාමාන්‍යයෙන් ටොන් 200ක් පමණ වන අතර, එය පෘථිවිය මත ජීවත් වෙන සජීවී සත්වයෙකුගේ වැඩිම බර ලෙස පිළි ගැනේ.


23. නිල් තල්මසෙකුට දිනකට හැතැක්ම 100ක් පමණ සතියක් පුරාවට ගමන් කිරීමට හැකියාව ඇත.


24. නිල් තල්මසුක්ට ඌගේ මුඛය විවෘත කිරීමට ඉතාම අධික ශක්තියක් වැය වන නිසා, ඔවුන් ගොදුරු ඩැහැ ගන්න විටදී පමණක් මුඛය විවෘත කිරීම සිදු කරයි.


25. ඩොල්ෆින් මත්ස්‍යයින්, ඔවුන් විසින් නිකුත කරන අති ප්‍රබල සෝනාර් තරන්ග මගින් ගොදුරු ඩැහැ ගැනීම සිදු කරයි.


26. Bottlenose dolphins නම් ඩොල්ෆින් වර්ගයට ගොදුරු ඩැහැ ගැනීමට හැක්කේ, ඉතාම අඩු උදම් අවස්ථාවලදී, මඩ සහිත ඉවුරක් අසළදී පමණි.

source



27. Abdopus නම් භූවල්ල, ගොඩබිම ඇවිදීමට හැකි එකම භූවල්ල වේ. උගේ දිගු අඬු වල පිහිටා ඇති චූශක යොදාගෙන ඇවිදීම සිදු කරයි.


28. වළසුන්ට, මිනිසෙකුට වඩා 2000 ගුණයක් ප්‍රබල ඉවක් ඇත. එමනිසා මුහුදේ සිටින ගොදුරු පහසුවෙන් ඩැහැ ගැනීමට ඌට හැකියාව ඇත.


29. උතුරු ඇමරිකාවේ බහුලව දක්නට ලැබෙන දුඹුරු වළසුන් ඔවුන්ගේ ආහාරය ලෙස 90% ක් පමණ ලබා ගන්නේ, සැමන් මත්ස්‍යයින්ය.


30. ලොවපුරා මාන්ශ භක්ශක සතුන්ගෙන් 75%ක් පමණ සීඝ්‍රයෙන් වඳවී යාමේ තර්ජනයට මුහුණ පා ඇත. ඊට මූලිකම හේතුව වන්නේ, මානව බලපෑමයි. 





This Article is created by InfoThug writers club member. You also can create such posts and Hurry up! Register Free


Facebook Comments


Tags:animals,facts,amazing,prey,cheetah

YOUR REACTION?



Members Reactions






News











Red Hot Facts

වචන වලින් බලපෑම්වලින් යුද සරඹ නවත්වන්න බෑ- චීනය කියයි

වාලුකා බළල් පවුලක දුර්ලබ දර්ශනයක්

සීතල දරුණු වෙලා -රෝම ස්මාරක අයිස්වලින් මිදෙයි.

1900දී ගත්තු සෙල්ෆිය ඇතුළු ලෝක ඉතිහාසයෙන් අපට හමුවන ඔබ දැකිය යුතුම ඡායාරූප 12ක්

විශ දුම් අඩු කරන්න චීනයෙන් පොලීසියක්

ඩ්‍රෝන් යානා වලට පහරදෙන්න පුහුණු කෙරූ ප්‍රන්ශ ගුවන් හමුදාවේ උකුස්සා!

ඔබ කිසිම දිනක අසා නැති හැරී පෝටර් චිත්‍රපටය ගැන අමුතුම කරුණු 8ක්

මේ වගේ අශ්වයොත් ලෝකෙ ඉන්නව

මෙවර සාමාන්‍යපෙළ විභාගයට ලියන වයස්ගතම කාන්තාව, වයස අවුරුදු 73ක්!

ඇමේසන් වනාන්තරයේ ජීවත් වෙන ගෝත්‍රිකයන්ට දියුණු ලෝකයේ රූපරාමු පෙන්වුවොත්, ඔවුන් එයට කෙසේ ප්‍රතිචාර දක්වයිද බලන්න

ජීවිත 775 කට අවසානය ලඟා කරදුන් රුසියානු කාන්තා ස්නයිපර් කණ්ඩායම

මුද්දර ගැන මේ දේවල් දන්නවා ද කියලා කියන්න.

යුද්ධයේ තවත් එක් අනුවේදනීය අතුරු කතාවක්

නාසා ආයතනය විසින් නිර්මාණය කෙරූ, අඟහරු ග්‍රහයාගේ නිළ ධජය මෙන්න

භූමිකම්පාවකින් විනාශ වූ මහා මාර්ගය දිනය 6කින් නැවත් සකස් කෙරූ ජපන්නු

WATCH.අන්ධ පුද්ගලයෙක් චිත්‍රයක් ඇඳීමට කරන උත්සාහය!

මාර්ග නීති කඩකිරීමේ දඩය 25,000ක් කළ යුතුයි

අද වැදගත් ඇයි.?

දෙමළ කල්ලි පිල්ලි ගැහීම - ට්‍රම්ප්- ආණ්ඩුව

මෙවර හැලොවීන් එකට කෙල්ලො අඳින භයානකම ඇඳුම ගැනයි මේ වීඩියෝ එක