REDHOT POST
135 READERS

මම පිනට කෑම දෙන්නෙත් නෑ - ආරාධනා කරන්නෙත් නෑ මම පිනට කෑම දෙන්නෙත් නෑ - ආරාධනා කරන්නෙත් නෑ

මාධ්‍යයට තමා මෙන්ම ආණ්ඩුව විවේචනය කළ හැකි වුවත්, ආණ්ඩුව පෙරළාදැමීම සඳහා ව්‍යාජ පුවත් මවා පෑමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

posted on 2016-07-24 08:42:44

FlashMan
InfoThug Staff
log in to share this post

CopyRight:economictimes.indiatimes.com

මාධ්‍යයට තමා මෙන්ම ආණ්ඩුව විවේචනය කළ හැකි වුවත්, ආණ්ඩුව පෙරළාදැමීම සඳහා ව්‍යාජ පුවත් මවා පෑමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහනකට අද මහනුවරදී එක්වෙමින් පැවැති රැස්වීමකදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ආණ්ඩුව සහ තමා විවේචනය කිරීම ගැටළුවක් නැති නමුත්  මෛත්‍රිපාල සිරිසේන ජනපති ප්‍රමුඛ ආණ්ඩුව කඩා දැමීමට ඉඩ නොදෙන බවත්, ඊට සම්බන්ධ මාධ්‍ය ආයතනවල අය තමන් ළඟදීම කැඳවන බවත්, හෙතෙම පැවසීය.

"හරි අමාරුවක් තියෙන්නේ ඒ මන්දිරයේ ගිහින් පිනට කෑවේ
මම පිනට කෑම දෙන්නෙත් නෑ ආරාධනා කරන්නෙත් නෑ" යැයි අගමැතිවරයා කියා සිටියේය.

ඒදා ලෝකයේ විශාලතම පිහිනුම් තටාකය අද චීනය සමග සාකච්ඡා කර නැව් පුරවන වරායක් කරන බවත්, හම්බන්තොට කර්මාන්ත ශාලා 15,000ක් ආරම්භ කරන බවත්, අගමැතිවරයා එහිදී පැවසීය.

මහනුවරට හැමදාම එජාපය ණය ගැති බව කී අගමැතිවරයා මහනුවර සිට කුණ්ඩසාලය දක්වා මහනුවරක් කරන බවද බෝගම්බර හිරගෙදර විශාල සංස්කෘතික මධ්‍යස්ථානයක් කරන බවද රැකියා ලබාදීම ඇතුළු තවත් වැඩකටයුතු ගණනාවක් කිරීමට ඇතැයිද කියා සිටියේය.

තමාට අවශ්‍ය කෘෂිකර්මාන්තය දියුණු කිරීම බවද, අධිවේගි මාර්ග ව්‍යාපෘතිය දියුණු වූ පසු කර්මාන්ත ශාලා විවිධ ප්‍රදේශවල ඇති වන බවද, තවත් ලක්ෂයකට සින්නක්කර ඔප්පු දෙන බවද, තට්ටු නිවාසවල අයිති දෙන බවද, වෙස්සන්තර රජු මෙන් සියල්ල දෙන බවද, ඒ ගොල්ලෝ සියල්ල ගත් බවද, හෙතෙම කීවේය.

මේ ආණ්ඩුවට එරෙහිව 28 වැනිදා පාරට බහින අයගෙන් තමන් අහන්නේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන තීරණ 3ක් කියන්න යැයිද අගමැතිවරයා එහිදී  වැඩිදුරටත් කියා සිටියේය.


(This news originally published on Ada Derana Sinhala)




FlashMan is a senior Staff member of InfoThug.com


Facebook Comments


Tags:lka,Political,RanilWickramasinghe,UNP,Government

YOUR REACTION?



Members Reactions






News











Red Hot Facts

එල්.ටී.ටි.ඊ හිස් වැසුමක් ලන්ඩන් යවන්න හැදූ අය බන්ධනාගාරයට

මාළඹේට සයිටම් ආයතනයට විරුද්ධ අති දැවැන්ත උද්ඝෝෂණ මාලාවක්

අභියාචනාධිකරණයේ සයිටම් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

අභියාචනාධිකරණයේ සයිටම් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

රතන හිමි ඉල්ලා අස්විය යුතුයි

හයියෝ- කරගත්ත වින්නැහියක් - නාසි ක්‍රමයට සැලියුට් කරලා හිරේ ලගින්න වීම

බැඳුම්කරේ ගැන සොයන්න ජනපතිගෙන් කොමිසමක්

VIDEO.යූ එන් පී විරෝධී ඕනාම පක්ශයකට සහය දෙනවා- හිටපු ජනපති

තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාශයට පත්වේ!

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟින් හොඳින් වැඩ කිරීමට බලාපොරොත්තු වෙනවා- ජනපති

මේක ඩ්‍රෝන් යානා වලටත් බය ආණ්ඩුවක්

සී.අයි.ඩී ය ෆොන්සේකාගෙන් පැය 5ක ප්‍රකාශයක් ගනියි

නියඟය දරුණුයි. වතුර විතරක් නෙමෙයි. කන්න දේවලුත් ගොඩ ගහගන්න

ආයෙමත් මෛත්‍රී තමයි-එස්.බී කියයි

හම්බන්තොට යුද්ධයක් - 22කට තුවාලයි

මෙවර උසස් පෙළ හපන්නු මෙන්න

සුපිරි ඇමති තනන පනත ගැන ඇත්ත මෙන්න

එදා ඉදිකරලා හොරකම් කළා - මෙදා විකුණලා හොරකම් කරනවා

වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවට අද මුල්ගල් තැබෙයි

සීමා නිර්ණය වාර්තාව මුස්තාෆා ප්‍රතික්ෂේප කරයි