REDHOT POST
188 READERS

මොන ආණ්ඩු ආවත් පැවිදිහඬ නිහඬ කරන්න බෑ

කුමන ආණ්ඩු ආවත් පැවිදි හඬ නිහඬ කළ නොහැකි බව බලධාරීන්ට සිහිපත් කළ යුතුව ඇති බව උන්වහන්සේ කියා සිටියේය.

posted on 2016-07-25 19:15:01

FlashMan
InfoThug Staff
log in to share this post

CopyRight:Ada Derana Sinhala

( This news originally published on Ada Derana Sinhala )


ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ නතර කිරීමට මෙම ආණ්ඩුව විසින් අනුගමනය කරනු ලබන එකම ක්‍රියාමාර්ගය අධිකරණ නියෝග ලබාගැනීම බව පැවිදිහඬ සංවිධානය පවසයි.

එම සංවිධානය නියෝජනය කරමින් අද(25)කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි සමකැඳවුම්කරු  පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්දහිමියන් කියා සිටියේ මහනුවර සිට කොළඹට එන තෙක් අධිකරණ 19ක් පවත්නා බවයි.

ඒ අධිකරණවලින් එක එක නියෝග ගැනීමට හැකියාව පවතින බව උන්වහන්සේ මෙහිදී අවධාරණය කළේය.

සමහර පන්සල්වල හිමිවරුන්ට දායකයින් විසින් තර්ජනය කරන බවත්,තවත් සමහර පන්සල්වල හිමිවරුන්ට ආයෙමත් පන්සලට නොඑන ලෙස මන්ත්‍රීවරුන් විසින් තර්ජනය කරන බවත් ආනන්ද හිමියන් සඳහන් කළේය.

කුමන ආණ්ඩු ආවත් පැවිදි හඬ නිහඬ කළ නොහැකි බව බලධාරීන්ට සිහිපත් කළ යුතුව ඇති බව උන්වහන්සේ කියා සිටියේය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිරිසේනගේ ඉල්ලීමට එකඟවී මෙම පාගමන කඩාකප්පල් කිරීමට පොරොන්දු වුවත් මහජනයා පාගමනට එක්වීම වැළැක්වීමට හැකි‍ නොවන බව මෙම මාධ්‍ය හමුවට එක්වූ පූජ්‍ය බෙංගමුවේ නාලකහිමි  සඳහන් කළේය.

මෙම පා ගමනට එක්වන මහජනයා මෙන්ම භික්ෂුන්ද කිසිදු බියක් ඇතිකරගත යුතු නැති බව නාලක හිමියන් අවධාරණය කළේය.


( This news originally published on Ada Derana Sinhala )


FlashMan is a senior Staff member of InfoThug.com


Facebook Comments


Tags:Monks,lka,politics,Sri Lanka,issues

YOUR REACTION?



Members Reactions






News











Red Hot Facts

බස් වර්ජනයෙන් ලංගම කෝටි 12ක් වැඩිපුර සොයයි

කොළඹ 5, හෙන්රි ප්‍රේද්‍රිස් ක්‍රීඩාංගණය, ඉසිපතන විද්‍යාලයට

පාසල් අවට දුම්කොළ නිෂ්පාදන අලෙවිය තහනම් කිරීමට යෝජනාවක්

පොළොන්නරුව නව දිස්ත්‍රික් ලේකම් ලෙස පත්වු රංජිත් ආරියරත්න මහතා පසුගියදා සිය ධුරයෙහි වැඩ භාර ගත්තේය.

වැඩබලන අගවිනිසුරුවරයා පත් කරයි

ත්‍රිරෝද රථ පැදවිමේ අවම වයස නීතිගත කිරීමට සාකච්ඡා

රු.25,000 දඩයට එරෙහිව විරෝධය පායි

අපවත්වී වදාළ මහානායක තෙරිපැහැ සෝමානන්ද හිමිට ජනපති අවසන් ගෞරව

පොලොන්නරුවේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව හතරවන සියවස දක්වා

සාකච්ඡා අසාර්ථකයි-වර්ජනය ක්‍රියාත්මකයි!

නියමිත පරිදි ගාස්තු සංශෝධනය ප්‍රදර්ශනය නොකරන බස් රථවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරේ

පෞරාණික කරඬුවක් හා මැටි පහනක් හමුවෙයි

ප්‍රමාද වූ විභාග ශාලාධිපති ඉවතට