REDHOT POST
346 READERS

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දිනය සැමරේ

මරදාන තාක්ෂණ විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දිනය 26 වන දා පැවැත්වීමට නියමිතය.

posted on 2016-07-24 08:31:59

FlashMan
InfoThug Staff
log in to share this post

CopyRight:News.lk/Sinhala

කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ඇති ආයතනයක් වන මරදාන තාක්ෂණ විද්‍යාලය ශ්‍රී ලංකාව තුල පවත්නා සියළු තාක්ෂණ හා කාර්මික විද්‍යාල වල කේන්ද්‍රස්ථානයයි.


ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන මරදාන තාක්ෂණ විද්‍යාලයට අයත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංගමය මගින් සංවිධානය කරනු ලබන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දිනයක් ජූලි 15 වන දිනට යෙදී තිබුන ජාතික නිපුණතා දිනය සැමරීම සමගාමීව පැවැත්වීමට කටයුතු යොදා ඇත.


ජූලි 26 වන අගහරුවාදා දින පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා මරදාන තාක්ෂණ විද්‍යාලය පරිශ්‍රය තුල මෙ‍ම වැඩසටහන පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මෙම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දිනය තුල එම ක්ෂේත්‍රයට අදාලව ප්‍රවීනයන්ගේ දේශණ, ප්‍රදර්ශණ කුටි හා විශේෂාංග ඇතුළු විවිධ අංග රැසකින් සමන්විතවේ. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ ඇල්මක් දක්වන සියළුදෙනා හට මේ සඳහා සහභාගී වී විශාල දැනුම් සම්භාරයක් ලබා ගැනීමට හැකිවන පරිදි මෙම දිනය සංවිධානය කර ඇත.


(This news originally published on News.lk)




FlashMan is a senior Staff member of InfoThug.com


Facebook Comments


Tags:lka,ICT,Maradana,Education,Tech

YOUR REACTION?



Members Reactions






News











Red Hot Facts